පුවත්

ලංකාව – වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

Published

on

කෘෂිකාර්මික තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාව හා වියට්නාමය අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇත.

මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කළාපීය සමුළුවට සමගාමීවය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ වියට්නාම කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය මින් හෝන් ලී මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

ඊයේ දිනයේදී ලී මහතා ඇතුළු ඉහළ පෙළේ වියට්නාම නියෝජිත පිරිසක් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙරට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාව හමුවූ අතර, ඔවුන් සමීප ද්විපාර්ශ්වික සබඳතා සහ බොහෝ ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳව, විශේෂයෙන් ග්‍රාමීය සංවර්ධනය සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳව සාකච්ඡා කළහ.

වියට්නාමය ශ්‍රී ලංකාව විශේෂ මිතුරෙකු ලෙස සලකන බවත්, තම රටට ශ්‍රී ලංකාව සමඟ ඩිජිටල් කෘෂිකර්මාන්තය සහ සුහුරු කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුම බෙදාහදා ගත හැකි බවත් ලී මහතා මෙහිදී පවසා ඇත.

Trending

Exit mobile version