පුවත්

ලංකාව – සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක්

Published

on

ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අද (22) සිංගප්පුරුවේදී අත්සන් තබා ඇත.

එම අවබෝධතා ගිවිසුම අනුව පැරිස් ගිවිසුමේ සඳහන් කාලරාමුව ඇතුළත කාබන් හර කිරීම පිළිබඳව එකඟතාව පළකර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී විය.

මීට පෙර අද දිනයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) මහතා හා ශ්‍රී ලංකා ජනපතිවරයා අතර සාකච්ඡාවක්ද පැවැත්වුණි.

Trending

Exit mobile version