පුවත්

ලංකාව හා ඉංදියාව යා කරන මහ පාර හදන සාකච්ඡාවකට සාගල ඉන්දියාවට යයි

Published

on

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා ලබන 27 වැනිදා ඉන්දියාවේ දෙදින නිල සංචාරයකට සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.

එහිදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි ද පැවසේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දීයාවේ කළ සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කොට එළැඹුණු එකඟතා අනුව මෙම මාර්ගය ඉදිකිරීමේ කටයුතු ගැන සාකච්ඡා කෙරෙන බවද වාර්තා වේ.
මේ මාර්ගය තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා ඉදිකිරීමට නියමිතය.
වාහන ගමනාගමනයට අමතරව මෙහි දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ. 
ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට සමගාමීව තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා සෘජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර එහි පළමු මාර්ගය තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදිකෙරේ.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇති බවද පැවසේ.
තලෙයිමන්නාරම සහ රාමේශ්වරන් අතර දුර කිලෝමීටර් 23කි.

(සිළුමිණ)

Trending

Exit mobile version