පුවත්

ලංකාව හා නෙදර්ලන්තය අතර ගුවන් සේවා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

Published

on

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

මෙම ගුවන් සේවා ගිවිසුමක් ඇතිකර ගැනීම මගින් සංචාරක, අධ්‍යාපන, වෙළඳ, ආයෝජන, කෘෂිකාර්මික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කරගෙන ගැනිම හා දෙරට අතර සෘජු මඟී හා භාණ්ඩ ගුවන් ගමන් ආරම්භ කිරීමට පහසුකම් සැලසෙනු ඇත.

Trending

Exit mobile version