පුවත්

ලංකාව ‘හෙපටයිටිස් බී’  පාලනය කරයි

Published

on

මාලදිවයින සහ ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (17) නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාලදිවයිනට හා ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමි ව තිබේ.

මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ හෙපටයිටිස් බී එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් දෙරට තුළ නිරන්තරයෙන් ඉහළ ආවරණයක් ඇති බව විශේෂඥ මණ්ඩලයක් විසින් තහවුරු කිරීමෙන් පසුවයි.

වසර 2019දී බංගලාදේශය, භූතානය, නේපාලය හා තායිලන්තය යන දකුණු හා නැගෙනහිර ආසියානු  රටවල් ද ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කිරීමට සමත් විය.

Trending

Exit mobile version