පුවත්

ලංකා – ඕස්ට්‍රේලියා වෙළෙඳ ආයෝජන ගිවිසුම් කාලය දිගු කෙරේ

Published

on

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශවකරුවෙකු වන අතර සංචාරක පැමිණීම් ගමනාන්තයන් හී 05 වැනි මූලාශ්‍රය වේ.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්ම සහිතව 2017 -11-02 දින ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුමකට අත්සන් තබා ඇත.

එම ගිවිසුමේ සඳහන් පරිදි වෙළෙඳ හා ආයෝජන සහයෝගිතාව තවදුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකි වනු පිණිස අද(10) සිට ඉදිරි වසර 05ක් සඳහා එකී ගිවිසුම දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

Trending

Exit mobile version