පුවත්

“ලංකා මාතාව වැල් පාලමින් එගොඩ  කළා නෙවෙයි. එගොඩ වුනේ ජනාධිපති”

Published

on


ජනාධිපතිවරයා පවසන ආකාරයට  ලංකා මාතාව වැල් පාලමින් එගොඩ  කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත්,එම වැල් පාලමෙන් ගොඩ වූයේ ජනාධිපතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අද (01) කොළඹ පැවති මාධ්‍ය  හමුවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

පැරිස් සමාජයේ විසින් අත්සන් කළ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට සහ අනිද්දා දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වෙන බවත්,පක්ෂ නායක රැස්වීමේදී පැරිස් සමාජය විසින් අත්සන් කළ ගිවිසුම අන්තර්ජාලයට යොමු කළ ඇති බවට ප්‍රකාශ කළත්,මේ වනතෙක් එය එසේ සිදු වී නොමැති බවත් සඳහන් කලේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් මෙවැනි ගිවිසුම් පිළිබඳව අනිවාර්යෙන් දැන ගැනීමට අයිතියක් ඇති බව ද පෙන්වා දුන්නේය.

රට බංකොලොත්භාවයෙන් මිදුනා යැයි රජය විසින් කරන ප්‍රකාශ මගින් මහජනතාව රවටන  බවත්,නමුත් මහ ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් පැවසූ මන්ත්‍රීවරයා, මහජනතා වෙනුවෙන් කැප වෙනවා නම් කළ යුතු එකම දේ වන්නේ විදේශීය වාණිජ ණය අඩුකර ගැනීම බවත්,ගානා රට එය ඉතා සාර්ථක ලෙස 37% දක්වා අඩු කරගත් බවත්,ලංකාවට හිමි වූයේ 7% ක් බවත් පෙන්වා දුන්නේය.

මෙම ගිවිසුම හරහා මහලොකු සංදර්ශන ඉදිරිපත් කළ නමුත්, එය ඇත්ත තත්ත්වය නම් වත්මන් ජනාධිපතිවරයාගේ ජනාධිපති අපේක්ෂකත්වයට පරිසරයේ සැකසීම බව පැවසූ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා, ජනාධිපතිවරයා මෙවැනි ගිවිසුම් වලට ලහි ලහියේ එළඹෙන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන තම අපේක්ෂකත්වය තහවුරු කර ගැනීම සඳහා බව පැවසීය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේ,ගිවිසුම අත්සන් කළ පසු ලංකාව බංකොලොත් භාවයෙන් නොමිදෙන නමුත්,  ණය ගෙවීමේ ක්‍රියාවලිය හරහා ඔප්පු එය කළ යුතු බවත් රජය මොන පම්පෝරි ගැසුවත්, IMF  නියෝජිතයින් පවා ප්‍රකාශ කළ ඇත්තේ ලංකා ආර්ථික තවමත් පිහිතුඩක් මත පවතින බවත්ය.

Trending

Exit mobile version