පුවත්

ලංකා මුහුදු තීරයේ මසුන් මරන්න ඉන්දියාවට කිසිසේත් අවසර දෙන්නේ නැහැ – ඩග්ලස් දේවානන්දා

Published

on

ශ්‍රී ලංකා මුහුදු තිරයේ මසුන් මැරිමට ඉන්දියවට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා තමිල්නාඩු රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙම ධීවර ගැටලුවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විසදුමක් ලැබෙන තෙක් යම් කිසි කාලසිමාවකට ලංකා මුහුදු තිරයේ ධීවර කර්මාන්තයට අවසර ලබා දෙන ලෙස තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණු අතර ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා තමිල්නාඩු ධීවර ඇමැති අනිතා රාධා ක්‍රිෂ්ණන් මහතාට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ එය තරයේ ප්‍රතික්ෂප කරන බවයි.

තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු සම්පත් කොල්ල කැම සදහා නොයෙන බවට ලබා දෙන පොරොන්දුව මත ඉදිරි සාකච්ඡාවලට සහභාගි විම කෙරෙහි අවධානය යොමු කරන බවද ඇමැතිවරයා පවසා ඇත.

මූලාශ්‍රය – දිනමිණ

Trending

Exit mobile version