Connect with us

පුවත්

ලංකා සතොස 2022දී මිලියන 600ක් පාඩුයි!

Published

on

ගතවූ 2014-2015 කාලය තුල ලංකා සතොස ආයතනය හරහා සහල් ගෙන්වීම නිසා මෙරටට රුපියල් බිලියන 6ක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අණාවරණය වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් පිළියෙල කර ඇති බවත්, ‌මේ අනුව ඉදරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් කමිටුවේදී තීරණය වී ඇත.

තවද ගෙන්වූ එම සහල් කල් ඉකුත්වීම නිසා සත්ව ආහාරවලට විකිණීම සිදුව ඇති බවද මෙහිදී සාකච්ඡා විය.

ලංකා සතොස ආයතනය 2021 දෙසැම්බර් 31 වැනිදා වන විට ලබා ඇති සමස්ත පාඩුව බිලියන15 කට ආසන්න බවත්, 2022 වසරේ පාඩුව පමණක් මිලියන 600 කට ආසන්න බවත් මෙහිදී අනාවරණය වී ඇත.

අභ්‍යන්තර විගණක කාර්ය මණ්ඩලය 21 ක පිරිසක් සිටියද විගණන විමසුම් 2021 වසර සදහා ඉදිරිපත් කර ඇත්ත‌ේ 3ක් පමණක් බවත්, 2022 වසර සදහා කිසිවක් ඉදිරිපත් කර නැතැයි ද කරුණු අනාවරණය වී තිබේ.

එසේම විගණනකාධිපතිවරයාට ආයතනයේ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුව පිළිබදව ද ‌හෙළිව ඇත.

ආයතනයේ සේවක පුරප්පාඩු 1123 ක් පවතින බවත්, එම සේවක පුරප්පාඩු පිරවීමට පෙර ඊට අදාළව නැවත ඇගයීමක් සිදු කිරීමේ අවශ්‍යතාව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී තිබෙන බවද හෙළිව ඇත.

මේ අතර, 2021-24 ට සංයුක්ත සැලැස්මක් තිබුණද ඊට අමාත්‍යාංශයේ අනුමතිය ලබා ගෙන නැතැයි ද ඒම කමිටුවේදී අනාවරණය වී තිබේ.

මේ අනුව 2028 දක්වා සංයුක්ත සැලැස්මක් සකස් කර මාස 2 ක් තුළ එහි කටයුතු පිළිබද කරුණු වාර්තා කරන ලෙස කමිටු සභාපතිවරයා නිලධාරීන්ට එහිදී දැනුම් දී ඇත.

එසේම ඊට සමගාමීව ක්‍රියාකාරී සැලැස්මක් ද සකස් කරන ලෙස උප‍දෙස් ලබාදී තිබේ.

ලංකා සතොස ආයතනය ආනයනය කොට භාණ්ඩ විකිණීම වෙනුවට පිටකොටුව ප්‍රදේශයෙන් භාණ්ඩ මිලදී ගෙන භාණ්ඩ විකිණීම මගින් පාරිභෝගිකයාට අඩුමිලට භාණ්ඩ විකිණීමට මෙන්ම ආයතනයට වැඩි ලාභයක් ලබා ගැනීමට ඇති හැකියාව මගහැරී ඇති බවද කමිටුව ඉදිරියේ පෙනී සිටි නිලධාරීන් හෙළිකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පැවැති කෝප් කමිටු රැස්වීමට ලංකා සතොස ලිමිටඩ් සමාගම කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිවිය.

 එසේම ලංකා සතොස ආයතනය අගෝස්තු මස 22 වැනිදා නැවත කැඳවීමටත් ‌මෙමෙදී තීරණය විය.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved