පුවත්

ලංගම, දුම්රිය අනතුරු වලින් මි‌‌යයන අයට වන්දි මුදල් වැඩි කරයි

Published

on

දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රු. 500,000 දක්වා ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් 11දා දුම්රියෙන් ඇද වැටි තරුණයකු ජීවිතක්ෂයට පත්වීම සහ පසුගිය 06දා කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී  ලංගම බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් පස්දෙනකු මියයෑම යන සිද්ධීන් දෙක පාදක කර ගනිමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙලෙස එම වන්දි මුදල් ඉහල දැමීමට තීරණය කර ඇති බව පැවසේ.

මීට පෙර එවැනි අනතුරකදී මරණයට පත් වන පුද්ගලයින් වෙනුවෙන් ලබාදුන්නේ රු. 150,000ක වන්දි මුදලකි.

එහෙත් පසුගිය සැප්තැම්බර් 11දා දුම්රියෙන් ඇද වැටි මියගිය තරුණයා වෙනුවෙන් එම පවුලේ උදවියට රු. ලක්ෂ 05ක වන්දි මුදලක් සහ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසල සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් පස්දෙනා වෙනුවෙන් රු. 250,000ක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව පසුගියදා ලබා දී තිබුණි.

Trending

Exit mobile version