Connect with us

පුවත්

ලංවිමේ වයර් තියන් හිටිය වැලි ක්‍රිස්ටි 05දා තෙක් රිමාන්ඩ්

Published

on

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි රැහැන් තොගයක් නීති විරෝධි ලෙස සන්තකයෙ තබා ගැනිම ඇතුළු චෝදනා ගනනාවක් සම්බන්ධව කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුන  කෝටිපති ව්‍යාපාරිකයකු අනිද්දා (05) දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා නියෝග කර තිබේ

මෙසේ රක්ෂීත බන්ධනාගාර ගතව  ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයෙ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයකු වන ජයමහ මොහොට්ටිගෙ ක්‍රිස්ටි සිතිර නැමති වැලි සේදීමේ ස්ථාන ඇතුළු ව්‍යාපාරික කටයුතු වල නිරත වන කෝටිපති ව්‍යාපාරිකයකු බව කියයි.

මෙම ව්‍යාපාරිකයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නිවෙස් වෙත ලබා දෙන කළු පැහැති විදුලි රැහැන් තොගයක් සොරකම් කිරීම,වංචනිකව, සගවා තැබිම ඇතුළු චෝදනා එල්ලවි තිබුණි.

පුවත්

කොළඹ පුරපති තීන්දුවට විපක්ෂයේ තීරණාත්මක හමුවක්

Published

on

By

කොළඹ මහ නගර සභා පුරපති සටනට විපක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කොළඹදී අද (12) සාකච්ඡාවක් පවත්වන බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

සමගි ජන බලවේග නායකත්වය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව මුස්ලිම් කොංග්‍රසයේ නායකයා පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කණ්ඩායම් නායක ඇතුළු පිරිසක් ද සහභාගී වන බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ වනවිට කොළඹ මහ නගර සභාවේ පුරපති ලෙස විපක්ෂයෙන් රිසා සාරුක් යෝජනා කර තිබේ.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

චෝදනා එල්ල වී ඇති වරායේ ලොක්කන්ට යුරෝපා සංචාරයක්  (වීඩියෝ)

Published

on

By

ත්‍රිකුණාමලය වරායට ජපන් ආධාර යටතේ ලැබුණු නවීන අධි තාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරට ලක්වීමෙන් රජයට රුපියල් කෝටි 22 ක අධික පාඩුවක් කළේ යැයි චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානින් දෙදෙනෙකුට වර්තමාන ආණ්ඩුව යුරෝපා සංචාරයක් දී ඇතැයි සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි.

එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.

එම යුරෝපා සංචාරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ .ගණක හේමචන්ද්‍ර මහතා සහ ත්‍රිකුණාමලය වරායේ තවත් නිලධාරියෙකු ඇතුළු තිදෙනකු සහභාගි වන බවත් නියමු යාත්‍රාවට වූ පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයාගෙන් පාඩුව අය කරගන්නා ලෙස ඉල්ලා එම පෙරමුණ පසුගිය ජනවාරි මාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිළි කළ බවත් මහවත්ත මහතා කීය.

අදාළ පැමිණිල්ල භාර දී මාස 5කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඊට අදාළ විමර්ශන ආරම්භ වී නොමැති බවත් වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කර හෝ වැඩ තහනම් කර හෝ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

ළමුන් අතර පැතිර යන උණ රෝග ඉහළ යයි

Published

on

By

දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය මෙම අදහස් පළ කළාය.

“මේ රෝගය බෝවෙන්නේ බැක්ටීරියාවකගෙන්. විශේෂයෙන් ක්ෂීරපායි සතුන්ගේ මූත්‍රා මඟින්. ඇත්තම කියනවා නම් මීයන්ගේ තමා මුත්‍රා පද්ධතියේ මේ බැක්ටීරියාව ජීවත් වෙන්නේ. මීයන් වතුර බොන අවස්ථාවන්වලදී මුත්‍රා ජලයට මුසු වෙනවා. එහෙම නැත්නම් පසට මුසුවෙනවා. ඒ පසෙන් හෝ ජලයෙන් අපි නිරාවරණය වුණොත් මිනිස්සුන්ට මේ රෝගය බොහෝදුරට වැලඳෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ එක්කම අවධානම් කණ්ඩායම් ගැන අපි කතා කළොත් වී ගොවීන්, සමහර දිස්ත්‍රික්කවල පතල් කර්මාන්තයේ නියැලෙන අය, ගංවතුරට ආවරණය වුණොත් සහ කීරකොටුවල වගා කටයුතු නියැලෙන්නන් පෙන්වා දිය හැකියි.”

මේ අතර මේ දිනවල ළමුන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේ දී කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා මෙලෙස පැහැදිලි කළේය.

“මේ දවස්වල ළමයින්ගේ අතර තද උණ රෝග පැතිරෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මොකද මෝසම් වැසි සමඟ උණ රෝග කිහිපයක් පැතිරෙනවා. හැම අවුරුද්දේම. ඒවට අපි කියන්නේ සවර් ෆීවර් කියලා. ඒ ප්‍රධාන කාණ්ඩයේ අපිට වැදගත්ම වෙන්නේ ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා සහ විකුන්ගුන්යා මෙන්ම උණ සමඟ එන පාචනය. මට දෙන්න ඕන ලොකුම පණිවුඩය තමා දරුවාට තද උණ සමග වමනය යනවා නම්, බඩ රිදෙනවා නම්, මුත්‍රා පිටවීමේ අඩුවක් තියෙනවා නම් බල බල ඉන්න එපා ඉස්පිරිතාලෙකට යොමු වෙන්න.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved