ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධූරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨත්වය නොසලකා අතිරේක සාමාන්‍යාධිකාරී ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා පත් කළ පත් කිරීම නීති විරෝධි බව සඳහන් කරමින් විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරයෙකු ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ ධූරයට වෙනත් අයෙකු පත් කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.
පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුනු දැක්වීමට නියම කරමින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර ඇත.