Connect with us

පුවත්

ලංවිම සම්පත් සමාගම් 14 කට පවරන්න යයි?

Published

on

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් සමාගම් පනත යටතේ ස්ථාපිත සමාගම් 14 කට පැවරීමට යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවත් අදාල යෝජනාවලිය ක්‍රියාත්මක වුහොත් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම්වල පාලනයට නතුවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය.

යෝජිත විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතින් විදුලිබල කර්මාන්තයේ වත්මන් නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද අහෝසි කිරීමට ප්‍රතිපාදන සළසා ඇති බව ද ජනක රත්නායක මහතා අනාවරණ කළේය.

අදාල කෙටුම්පතෙහි යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි බලාගාර, ලක්ෂපාන බලාගාර, උමාඔය ඇතුළු අනෙකුත් සියළුම ජල විදුලි බලාගාර සහ නොරොච්චෝලේ ඇතුළු සියළු තාපබලාගාර වෙන් වෙන් සමාගම්වලට පැවරෙන බව කී රත්නායක මහතා ඊට අමතරව ජලවිදුලි බලාගාර අයත් සමාගම්වල ප්‍රමුඛතාවය අනුව බලාගාරවලට ජලය සපයන ගංගා සහ ජලාශවල ජල කළමණාකරනය කළ යුතු බවට ප්‍රතිපාදන ද මෙම කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් ජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතිවාසිකම්වලට ද අභියෝගයක් එල්ලවනු ඇති බව ද සදඟන් කළේය.  

එය ශ්‍රී ලංකා විදුලිබල කර්මාන්ත ප්‍රතිව්‍යුහගත කීරීමේ පනත ලෙස නම් කර ඇති බවත් එම කමිටුවට පැවරූ කාර්යය වෙනුවට අදාල නොවන කාර්යයන් කර ඇති බවත් ඒ මහතා කීය.

2002 අංක 38 දරන ශ්‍රී ලංකා විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතේ සදහන් ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ව්‍යුහය පිළිබද අධ්‍යයනය කර ඒ ආයතනික ව්‍යුහය ක්‍රියාවට නැගීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාල කමිටුවට බලය පවරා ඇති බවත් එහි ආයනික ව්‍යුහය ලෙස ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ ආයතනික ව්‍යුහ සඳහන් කර ඇති බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.  

කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ජනක රත්නායක මහතා අද (2) එසේ පැවසීය.

(ලංකාදීප)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved