පුවත්

දුවට බැටන් එක දී කිරිඇල්ල විශ්‍රාම දිවියට (Update)

Published

on

සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, අඛණ්ඩව වසර 36 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.

ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තු නොවන බවත් විවේක සුවයෙන් සිටීමට බලාපොරොත්තු වන බවත් කිරිඇල්ල මහතා පවසා සිටියේය

ඒ අනුව මෙවර මහ මැතිවරණයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙනුවට, ඔහුගේ දියණිය, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග වැදීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.


ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගැනීමට තීරණයක්

විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය.

“සාර්ථකව සිද්ධ වෙනවා. විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් තරුණ පිරිස් අතර විශාල උනන්දුවක් තියෙනවා. අපි හිතුවාට වඩා උනන්දුවක් තියෙනවා.

මාධ්‍යවේදීයා – ඔබතුමා නාමයෝජනාවලට අත්සන් තැබුවා ද.?

කිරිඇල්ල – මම අවුරුදු 36ක් හිටියානේ. දැන් විවේක සුවයෙන් ඉන්නත් එපැයි. අවුරුදු 36ක් කියන්නෙත් දීර්ඝ කාලයක්. අපි තරුණ කට්ටියටත් අවස්ථාව දෙන්න එපැයි.

පවුලේ තරුණ අයෙක් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් කරනවා ද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්න කලේය.

ඊට පිළිතුරු ලබා‌දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියාසිටියේ, අද දින ඊට පිළිතුරු ලබා දෙන බවය.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තු නොවන බවත් විවේක සුවයෙන් සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු අනාවරණ කලේය.

Trending

Exit mobile version