පුවත්

ලක්ෂ 3ක් වටින පරණ පත්තර සොරාගත්තැයි පොලිසියට පැමිණිල්ලක්

Published

on

කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳසැලේ පිහිටි ගබඩාවක තිබූ රුපියල් ලක්ෂ 3ට අධික පැරණි පුවත්පත් කිලෝ 1486ක් පමණ සොරාගෙන ගොස් ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

වැල්ලවත්ත මැනිං පොදු වෙළෙඳ පොළේ හතරවෙනි මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇත.  

ඉකුත් සැප්තැම්බර් මස 09 දින හා පෙරේදා (23) අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට ඊයේ (24) වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

Trending

Exit mobile version