‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටී.
එම ප්‍රහාරය පිළිබඳව අවධාන යොමු කිරීම සඳහා ලබන ඉරිදා (21) අධ්‍යාත්මික පැත්තෙන් හඩනැගීම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව එතුමන් විසින් සඳහන් කරන ලදී.
ලබන 20 වැනිදා පස්වරුවේ සිට 21 වැනිදා අළුයම දක්වා කොළඹ කොච්චිකඩේ දේවස්ථාන සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ආගමික පෙහැරක් මුළු රාත්‍රීයේම යාඥා කරමින් වීථි සංචාරය කර කටුවාපිටිය දේවස්ථානයට පෙරවරු 8.30 ට ළගාවීමට සැළසුම් කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.