පුවත්

ලබන මාසයේ වාහන ආනයනය ගැන සුභ ආංචියක්!

Published

on

රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පසුගිය 04 වැනි දා රැස් වූ අතර එහි අවසන් වාර්තාව අගෝස්තු මස දෙවැනි සතිය වන විට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එකගත්වය පළ වූ බවත් අමාත්‍යවරයා කියා සිටී.

එම වාර්තාව අනුව රටේ විනිමය තත්ත්වයට කිසිදු අනිසි බලපෑමක් ඇති නොවන පරිදි සහ ජනතා අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව වාහන ආනයනය සිදු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා පවසයි. 

පොදු ප්‍රවාහන වාහන, භාණ්ඩ ප්‍රවාහන වාහන, විකල්ප වාහන, සාමාන්‍ය වාහන සහ පෞද්ගලික වාහන යන අනුපිළිවෙළ යටතේ රථ වාහන ආනයන කෙරෙනු ඇති බවයි සියඹලාපිටිය මහතා කියා සිටී. 

මේ අතර සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය රථ වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර මෙතෙක් එම වාහන අතුරින් කිසිවක් ආනයනය කර නොමැති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවැසීය. 

මේ යටතේ බස් රථ 250ක් සහ වෑන් රථ 750ක් ආනයනයට අවසර ලබා දී ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ අවසරයට යටත් ව ය.

Trending

Exit mobile version