Connect with us

පුවත්

ලබන වසරේ ඖෂධ හිඟයක් හේතුව ; හරිනිගේ කැබිනට් පත්‍රිකාව දෙවරක් ප්‍රතික්ෂේප වීම

Published

on

දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙන් ලබන වසරේදී (2025 ) ඖෂධ හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය පැවැසීය.

ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණහොත් දේශීය ඖෂධ නිෂ්පාදකයින්ට කඩිනමින් අදාළ ඖෂධ ඇනවුම් ලබා දීමට කටයුතු කරනා බවයි.

2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමති අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේප විය.

මෙතෙක් කල් ඖෂධ ලබාගත් දේශීය නිෂ්පාදකයින්ට අමතරව නව දේශීය නිෂ්පාදකයින් ඖෂධ ලබා ගැනීම සඳහා ඇතුළත් කිරීමට අමාත්‍යංශය ගත් තිරණය නිසා අර්බුදයක් නිර්මාණය විය .

ඒ අනුව නව දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා අදාළ සංදේශය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට මෙසේ කටයුතු කළේය .

කෙසේ වුවවද ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයින්ට තොග ඇනවුම් මෙතෙක් ලබා නොදීම නිසා ජනවාරි මාසය වන විට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවන බව නිෂ්පාදකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත ඊට හේතුවී ඇත්තේ ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවීමයි .

කෙසේ වුවද පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය මෙතෙක් යොමු වි නොමැති බවද වාර්තා වෙයි.

(අරුණ)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved