පුවත්

ලබන වසරේ ඡන්ද 2ක් එන බව ජනපති මතක් කරයි

Published

on

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්‍රීවරුන්ට මම ස්තූතිය පළ කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි.”

“මං ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ලබන අවුරුද්දේ පවත්වනවා. ඊට පස්සේ අවුරුද්දෙ පළාත් පාලන ඡන්ද පවත්වන්න පුළුවන් .”

Trending

Exit mobile version