Connect with us

පුවත්

ලබන සතියේ ග්‍රාම නිලධාරීන් ලෙඩින්

Published

on

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන සඳුදා (06) සහ අඟහරුවාදා (07) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වාර්තා වේ. 

ඒ අනුව දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.

ඒ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද කිසිදු පියවරක් මේ දක්වා නොගත් බවද ඒ මහතා විසින් පවසන ලදී.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුව රැස්වෙයි

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්
කළ පරීක්ෂණ කමිටුව අද (23) පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කර තිබේ .

කමිටුව 2025.04.25 දින නැවත රැස්වීමට නියමිතය.

මෙම පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන්සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතය .

2022 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය
සහ ධුරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති
ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය .

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ බදු ගැන ඇමෙරිකා – ශ්‍රී ලංකා සාකච්ඡා සාර්ථකයි

Published

on

By

තීරු බදු ගැටලුව පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිතයන් හා ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡා සුබවාදීව අවසන් වි ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගියදා පැනවූ නව තීරු බදු සමස්ත ලෝකයම යම් කැළඹීමකට පත් වූ අතර ඇතැම් රටවල් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ අතර තවත් රටවල් ඇමෙරිකාවට එරෙහිව ද නව තීරු බදු පැනවීමටයි කටයුතු කර තිබුණි.

මෙය ශ්‍රී ලංකාවට ද බලපෑමක් එල්ල කළ අතර ශ්‍රී ලංකා රජය විසින් දැඩි අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරන ලදී.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෘජුවම ඇමෙරිකා ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානීන් සමග ද්විපාර්ශවික සාකච්ඡාවකට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව තිබේ.

මෙම සාකච්ඡාව සදහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඊයේ දිනයේ දී එම සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ වන විටත් දින 90ක සහන කාලයක් නව තීරු බදු ක්‍රියාත්මක කිරීම සදහා ලබාදී තිබේ.

එම කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාවට යම් සුබවාදී තීරණයක් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරයි.

Continue Reading

පුවත්

ගම්පහ දුම්රියක් පීලි පනී

Published

on

By


ගම්පහ දුම්රිය ස්ථානය ආසන්⁣නයේදී අද (23) පස්වරුවේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබේ.

ප.ව. 4.25ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ අංක 1169 දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය එක් මාර්ගයකින් පමණක් ගමන්කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved