Connect with us

පුවත්

ලයිසන් නැති බෙහෙත් ෆැක්ටරියක් මෝදර; බෙහෙත් පන්දහසක් හදලා

Published

on

බලපත්‍ර නොමැතිව නීති විරෝධී අන්දමින් කොළඹ 15 මෝදර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු කුලී පදනම මත මෝදර ප්‍රදේශයෙන් මිලදී ගත් මහල් තුනකින් යුතු ගොඩනැගිල්ලක මෙම ඖෂධ නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබිණි.

මෙරට භාවිතය සීමාකර ඇති මත්ලෝලීන් බහුලව භාවිත කරන ප්‍රබල වේදනා නාශක කරල් මොහු විසින් නිෂ්පාදනය කර බෙදාහැර ඇතැයි තහවුරු වී තිබේ. 

ඉන්දියාවේ නිෂ්පාදනය කරන වෙළෙඳ නාමයට සමාන අයුරින් මොහු මෙම ඖෂධ නිපදවා ඇතැයිද අනාවරණය වී තිබිණි. 

එමෙන්ම කැස්ස සඳහා භාවිත කරන දියරමය ඖෂධ තොගයක් සහ ඒවාට යොදාගත් ලේබල් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කළැයි කියන විවිධ වර්ගයේ ඖෂධ කරල් පන්දහසක් පමණ හිමිකරුගේ නිවසෙහි තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගත් බවට සැකකරන අමුද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට ඉහතදී බලපත් සහිතව ඖෂධ නිෂ්පාදනය කර ඇතැයිද ඒ සඳහා ඔහුට ඇති බලපත්‍රය 2013 වසරේදී කල් ඉකුත් වී ඇතැයි කියයි. 

එහෙත් ඔහු බලපත් නොමැතිව කැලණිය ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදනය කරමින් සිටියදී 2019 වසරේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළද යළිත් ඔහු මෙලෙස මෝදර ප්‍රදේශයේ නීති විරෝධීව ඖෂධ නිෂ්පාදනය කර ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය කළ විමර්ශනයේදී හෙළිව තිබිණි.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ හඳුනාගෙන ඇති බලපත් නොමැතිව ඖෂධ නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, බෙදාහැරීම හා භාවිතය සීමා කර ඇති මත්වීමට හේතුවන ඖෂධ නිෂ්පාදනය යන වැරැදි සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 

එම අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න හා ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර, අධීක්ෂණ හා බලාත්මක කිරීම් අංශයේ ප්‍රධානී, ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකළහ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved