පුවත්

ලසන්තගේ ඝාතනයට දුව අහිම්සාගෙන් යළිත් ප්‍රතිඥාවක් !

Published

on

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අද (08) වැනිදා ට වසර 14ක් සම්පූර්ණ වේ.

ඒ නිමිත්තෙන් අද පෙරවරුවේ බොරැල්ලේ ඒ මහතාගේ සොහොන් කොත මත මල් තබා ඔහු සිහි කිරීමට ද යෙදුනි.

ලසන්තගේ, දියණිය වන අහිම්සා වික්‍රමතුංග ට්විටර් පණිවුඩයක් නිකු කරමින් කියා සිටින්නේ වසර 14ක් ගතවුවද ඝාතකයන්ට දඬුවම් නෙලැබුණු මේ අවසනාවන්ත සිද්ධියේ වින්දිතයා වූ ලසන්ත වෙනුවෙන් අවසනාය තෙක් සටන් කරන බවයි.

එසේම, ඇය වැඩිදුරටත් “පසුගිය වසරේ අරගලය හරහා ඔබේ ආත්මය ප්‍රකාශ වන ආකාරය මම දුටුවෙමි, ඒ සියල්ල දැකීමට ඔබ මෙහි සිටියා නම් යැයි මම ප්‍රාර්ථනා කරමි” යැයි සටහන් තබා ඇත.

සම්පූර්ණ ට්විටර් පණිවුඩය.

(ඡායා- රවීන්ද්‍ර පුශ්පකුමාර)

Trending

Exit mobile version