Connect with us

පුවත්

ලාංකිකයන්ගේ සමාජ ආර්ථික ප්‍රතිසංවිධානයට ජපානයේ සහය

Published

on

ජපන් තානාපති කාර්යාල‌යේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, කත්සුකී කොටාරෝ මහතා, කොළඹ මූවන්පික් හෝටලයේ දී ජපානය විසින් අරමුදල් සපයන ලද කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ සමාජ ආර්ථික පුනරුත්ථාපනයට සහය දැක්වීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමේ උත්සවයට පසුගිය 13දා සහභාගී විය.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සමාජ ආර්ථික පුනර්ජීවනය සඳහා ආධාර කිරීමේ ව්‍යාපෘතියට ජපානය විසින් අරමුදල් සපයන ලද අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය [International Labour Organization (ILO)] සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය [International Organization for Migration (IOM)] විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ කම්කරු හා විදේශ රැකියා වල නිරතව සිට ආපසු පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම, ප්‍රජා යටිතල පහසුකම් සහ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීම මගින් ස්ථාවර ආර්ථික සහභාගීත්වය. මගින් අනාගත රැකියා අවස්ථා සඳහා වැඩි දියුණු කළ නිපුණතා සංවර්ධනය තුළින් ඔවුන්ගේ අවදානම අවම කිරීම මෙන්ම රජයේ ආයතනවල ධාරිතාව වැඩිදියුණු කිරීම මගින් මෙම ව්‍යාපෘතිය තීරණාත්මක හිඩැසක් පුරවා ඇත.

ජපානය ශ්‍රී ලංකාවේ සාමය සහ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය දක්වන අතර ඉලක්කගත ප්‍රතිලාභීන්ට ශක්‍ය ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් තුළින් තිරසාර ජීවනෝපායක් සහතික කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ  IOM, ILO සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ සහයෝගීතාවයෙන්  සිදුකරන ලදී.

ජපන් රජය ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩව සහය දැක්වීමට දැඩි ලෙස කැපවී සිටින අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර දශක හතක මිත්‍රත්වයට ගරු කරන්නාවූ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම ව්‍යාපෘතිය පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මෙරට පිහිටි ජපන් තානාපති කාර්යාලයේ නිවේදනයක දැක්වේ.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved