පුවත්

ලාංකිකයන් අතර සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළට

Published

on

ශ්‍රී ලාංකියන් අතර මෑතක සිට සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයේ ඉහළ යෑමක් දැකිය හැකි බව චර්ම රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසයි.

ශ්‍රී ලාංකිකයන්ගේ සමේ වර්ණයත් සමඟ මෙලනීන්වලින් ඇති වන ආරක්‍ෂාව නිසා ස්භාවධර්මයෙන්ම සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව අඩු වුවත්, මෑත කාලීනව බොහෝ දෙනා සම සුදු පැහැවීමට භාවිතා කරන ඇතැම් ඖෂධ සහ ආලේපන, සමේ පිළිකා ඇතිවීමට බලපා ඇති බවත් ඇය පෙන්වා දෙයි.

නිසි විමසීමකින් තොරව භාවිතයට ගන්නා ඇතැම් ආලේපන භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවූ ඇය, වැඩි පිරිසක් සම සුදු පැහැ කරගැනීම සඳහා කිසිදු විමසා බැලීමකින් තොරව ඕනෑම ඖෂධයක් හෝ ආලේපනයක් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් රට තුළ පවතින බවද පැවසීය.

Trending

Exit mobile version