Connect with us

පුවත්

ලාංකික කතක් ගුවන් යානයක් තුළ මියගිහින්

Published

on

ඩුබායි සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විදේශීය ගුවන් යානයක් තුළ ශ්‍රී ලාංකීක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ හේතුවෙන් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා ඇති බවද පැවසේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 57 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාවගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ගුවන් යානය අතරමගදී වෛද්‍ය ආධාර ලබාගැනීම සඳහා  ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා විසින් හදිසි ගොඩබෑමක් සිදු කිරීමට කරච්චියේ ගුවන් ගමන් පාලකවරයාගෙන් අවසර ඉල්ලා තිබූ බවද වාර්තා වේ.

එසේ ගොඩබෑමෙන් අනතුරුව එරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍යවරු මගියා පරීක්ෂා කිරීමට යානයට ගොඩ වූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති අතර, එම කාන්තාව මරණයට පත්ව ඇත.

ඇය මෙසේ මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බවද පැවසේ.

ගුවන් තොටුපළේ ස්ථානගත කර ඇති සෞඛ්‍ය නිලධාරියා විසින් කාන්තාව සඳහා මරණ සහතිකයක් නිකුත් කර ඇති බවත්, අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසු ඇයගේ දේහය රැගත් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළෙන් කොළඹ, එහි මුල් ගමනාන්තය වෙත ළඟාවී ඇති බවද වාර්තා වේ.

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved