පුවත්

ලාංකික සාම හමුදා සාමාජිකයින් 4කට මාලි හි දී තුවාල

Published

on

පිපිරීමක් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුබද්ධව මාලි හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සාම හමුදා සාමාජිකයින් සිවුදෙනෙක්, බෝම්බයක් පිපිරීමකින් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් පවසයි.

පසුගිය ඉරිදා (21) මාලිහි කිදාල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ කඳවුරේ සිට කිලෝ මීටර් 12ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදී මෙම පිපිරීම සිදුවී තිබෙන අතර, පිපිරීම සිදුවන අවස්ථාවේදී ඔවුන් සන්නාහ සන්නද්ධ රථයක් තුළ සිට භාණ්ඩ ප්‍රවාහන රථ පෙළකට ආරක්ෂාව සපයමින් සිට ඇති බවත් ඩුජාරික් පෙන්වා දී තිබේ.

Trending

Exit mobile version