පුවත්

ලාදුරු රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

Published

on

ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වසරේ මුල් මාස 7 තුළ පමණක් රෝගීන් 864 ක් වාර්තා වී ඇති අතර කොළඹ ප්‍රදේශයෙන් පමණක් ලාදුරු රෝගීන් 161 ක් හමුවී ඇත.

තවද දකුණු පළාතේ එගොඩවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් රෝගීන් 47 ක් වාර්තා වී තිබේ.

2023දී වැඩිම රෝගීන් මොරටුවෙන්
එමෙන්ම පසුගිය අගෝස්තු 09දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ මේ වසරේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි.

එම මාධ්‍ය හමුවට එක්වු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මංජුලා තිලකරත්න මහත්මිය පැවසුවේ ගතවූ වසරේ මුල් මාස 6තුළ මොරටුවෙන් ලාදුරු රෝගීන් 51 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඒ අතර අවුරුදු 14ට අඩු දරුවන් 8 දෙනෙකුද සිටින බවත්ය.

කෙසේවෙතත් වර්තමානයේ පවතින තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කළේ, ලබන සතියේ සිට බස්නාහිර පළාත තුළ ලාදුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බවයි.

Trending

Exit mobile version