Connect with us

පුවත්

ලාල් කාන්ත දෙන්න ගිය ඡන්ද පාටියකට මැතිවරණ කොමිසමෙන් බාල්දියක්

Published

on

ජාතික ජන බලවේගයේ නායකයින් කිහිපදෙනෙකු සහ ගල්කොරිකරුවන් කිහිපදෙනෙකු අතර පවත්වන ලද සාකච්ඡාවක් අතරතුර දිවා ආහාර ලබා දීමේ සැලසුමක් මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් නවතා ඇති බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරයි.

දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු පසුගියදා (03) මහනුවර තරු හෝටලයකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිපදෙනකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

 එහිදී දිවා ආහාරය ලබා දීමට කළ සැලසුමක් පිළිබඳ අනාවරණය වීමෙන් පසු මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ආහාර ලබාදීම වළක්වා ඇති බව සඳහන්ය.  

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ කිරීම වරදක් බව ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසකට හා හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දීමට මැතිවරණ නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රධාන පෙළේ ගල්කොරි කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයන් පැමිණ තිබෙන බවය.

එම අවස්ථාවේ හෝටලයේ දිවා ආහාරය බුෆේ ක්‍රමයට යොදා තිබූ බවත් හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිසට අමතරව දෙස් – විදෙස් සංචාරකයන්ද ආහාර ලබා ගැනීමට පැමිණ සිටි බවත් මහනුවර මැතිවරණ කාර්යාලය සඳහන් කර ඇත.

 මේ හේතුවෙන් මැතිවරණ කාර්යාල නිලධාරීන් ආහාරවලට සීල් තැබීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

පුවත්

හරක් කටා කොළඹ ජාතික රෝහලට

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලියේ නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’, චිකුන්ගුන්යා වෛරසය වැළදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු මේ වන විට 37 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම වාට්ටුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන බවද වාර්තා වේ.

ආරක්ෂක හේතූන් මත එම වාට්ටුව ඔහුට පමණක් වෙන් කර ඇති අතර, වෙනත් රෝගීන් කිසිවෙකු එහි යාමට ඉඩ නොමැති බවද සඳහන්ය.

මෙම අතරතුරදී, තමාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස හරක් කටා විසින් ඉල්ලීමක් කළ ද, එය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

වසරේ පළමු මාස 6 තුළ සුරාබදු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Published

on

By

වසරේ ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබේ.

එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය ඉක්මවා ලබාගත් 102.6% ක ප්‍රගතියකි.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය වසරේ රුපියල් බිලියන 226.7 ක් රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බවයි.

2023 වසරේ රුපියල් බිලියන 178.6 ක් හා 2022 වසරේ රුපියල් බිලියන170.3 කද ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව බදු ශක්ති නමින් ක්‍රියාත්මක වූ බදු සතිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව සක්‍රීය දායකත්වයක් ලබාදී තිබුණි.

ඒ සුරාබදු බලපත්‍ර ස්ථාන පරීක්ෂාව, සුරාබදු බලපත්‍රධාරීන් ජනතාව දැනුවත් කිරීම හා නීති විරෝධි නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරමින් ය.

Continue Reading

පුවත්

මීමුරේ යන අයට තාවකාලික තහනමක්

Published

on

By

හුන්නස්ගිරිය, මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටරය ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසලින් එම මාර්ගය තාවකාලිකව වසා ඇති බව වාර්තා වේ.

මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත සඳහන් කළේ අඳාළ පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

කෙසේ වෙතත් මෙම පියවර ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර වූ හදිසි ආපදා තත්ත්වයක් නිසා බව සඳහන්ය.

මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විනෝද සංචාර හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මීමුරේ වෙත, නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙසය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved