Connect with us

පුවත්

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය ගැන ඔන්ලයින් ක්‍රමවේදයට දැනුවත් කිරීම්

Published

on

මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය මෙන්ම දරුවන්ට එරෙහි සයිබර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව ළමුන් සඳහා ව පාර්ලිමේන්තු සංසදයේ අවධානය

මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය මෙන්ම දරුවන්ට එරෙහි සයිබර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව පසුගියදා පැවති ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු විය.

එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා විය.

පාසල් ළමුන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව මෙරට ජනතාව අන්තර්ජාලය ඔස්සේ නව මාධ්‍ය ක්‍රම හරහා දැනුවත්කිරීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී නිලධාරීහු පැවසූහ. සංසදයේ සභාපතිනිය නිලධාරීන්ගේ උත්සාහය අගය කරමින් කියා සිටියේ මෙම වැඩසටහන සදහා සංසදය පූර්ණ සහය ලබාදීමට අපේක්ෂා කරන බවයි.

සමාජයේ විවිධ කණ්ඩායම්වලට උචිත පරිදි වඩා හොඳ අවබෝධයක් ලබා දීම සඳහා ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනයට අදාළ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා විය.

ළමුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. තවද දරුවන්ට තම ගැටලු අප්‍රකටව ඉදිරිපත් කළ හැකි පැමිණිලි පෙට්ටිය පාසැල්වල නැවත හඳුන්වා දීම පිළිබඳව ද කමිටුව සොයා බැලීය.

ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහි සයිබර් ප්‍රචණ්ඩත්වයට අදාළ නෛතික තත්ත්වය පිළිබදව ද කමිටුව විසින් සොයා බලන ලදී. සයිබර් අපරාධ වැළැක්වීම සදහා පනත් කෙටුම්පතක්  ඉදිරියේදී ගෙන ඒමට නියමිත බවත් හෙළි විය. ළමා අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි, ෆේස්බුක් පිටු ඇතුළු බොහෝ වෙබ් අඩවි ක්‍රියාත්මක බවත් ඒවා නැවැත්වීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවත් අවධානය යොමුවිය.

ළමුන් සම්බන්ධ සිද්ධීන් පිළිබඳ බොහෝ මාධ්‍ය වාර්තා ඉතා සදාචාර විරෝධී මට්ටමක පවතින බැවින් බැවින් විධිමත් මාධ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබදවද සාකච්ඡා විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වේලු කුමාර්, වී රාධක්‍රිෂ්ණන්, එරාන් වික්‍රමරත්න, තලතා අතුකෝරල යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved