ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට ලංකා රජය තීරණය කර තිබේ.
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ලංකා රජය සතුව පවතී.
රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ඒකකයට අනුව, මෙම ක්‍රියාවලිය 2024 ජනවාරි 16 සහ 2024 ජූලි මුල අතර සිදුවීමට නියමිතය.
කැමැත්ත ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 පෙබරවාරි 16 පස්වරු 02වන අතර, කෙටි ලැයිස්තුගත ලංසුකරුවන් තෝරාගැනීම මාර්තු මස මුලදී සිදු කෙරේ.
ලංසු ඇගැයීම සහ සාර්ථක ලංසුකරුවෙකු තෝරාගැනීම 2024 ජුනි මැද භාගයේදී සැලසුම් කර ඇත.