පුවත්

ලිට්‍රෝ ගෑස් මිල බහියි

Published

on

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව එහි සභාපති,  මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 135කින් රු 4,115ක් දක්වා අඩුකර තිබේ.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 55කින් අඩු කර ඇති අතර, එහි නව මිල රු. 1,652කි.

තවද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් මිල රු. 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රු. 772කි.

Trending

Exit mobile version