අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.
ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුුුවේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343/- කින් ඉහළ දැමෙන බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470 කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 137/-කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,393/-කි.
තවද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63/-කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650/-කි.
——————————————-
(පෙර පුවත : 2023 ඔක්තෝබර් 04, පෙ.ව. 10.27)
ලිට්‍රෝ ගෑස් වල නව මිල අද
මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ඉහළයාම හේතුවෙන් පසුගිය මස 04 දින මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව රුපියල් 2,982ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමූ අතර එහි නව මිල වූයේ රුපියල් 3,127කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58කින් ඉහළ දැමූ අතර එහි නව මිල වූයේ රුපියල් 1,256කි.
මේ අතර විදුලි බිල යළි යළිත් වැඩි නොකරන බව පැවසු විෂයභාර අමාත්‍යවරයා විදුලි බිල වැඩි කරමින් සිදුකරන මෙම ක්‍රියාවලිය මඟින් ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.