Connect with us

පුවත්

ලුණුත් ඉන්දියාවෙන්?

Published

on

මෙරට ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට අදාළව කැඳවන ලද ටෙන්ඩර් පත්‍රිකා අද (03) විවෘත කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ (STC) සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටී.

මෙහිදී මෙට්‍රික් ටොන් 20,000 ක් සහ 10,000 ක් බැගින් ටොන් 30,000 කොටස් දෙකකට ආනයනය කරන බවද ඔහු කියා සිටියේය.

ලුණු ආනයනය අදාළව ජාත්‍යන්තර වශයෙන් ලංසු කැඳවීම පසුගියදා සිදුකළ බවත්, ඒ අනුව ටෙන්ඩරය විවෘත කිරීම අද සිදුකරන බවත් ඔහු පැවසුවේය.

මෙහිදී අදාළ සැපයුම්කරු තෝරා ගැනීමෙන් පසුව, ආනයනය කිරීමට නියමිත ලුණු සාම්පල පරීක්ෂාවකට ලක්කරන බවද ඔහු කීවේය. 

අදාළ ලුණු තොගය මෙමස 31 වැනිදාට පෙර ආනයනය කළයුතු බවද සභාපතිවරයා පැවසීය. 

ලුණු මෙරටට සැපයීමට අදාළව ටෙන්ඩර්වලට ඉදිරිපත්වීමට වැඩි නැඹුරුවක් ඇත්තේ ආසන්නතම රට වන ඉන්දියාව බවත්, ඊට හේතුව දුර බැහැර රටවල සිට මෙරටට ලුණු ගෙන්වීමේදී නැව් ගාස්තු ඉහළ යාම ආදී කාරණා බලපාන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, අදාළ ටෙන්ඩර් කොන්දේසිවලට අනුව සාම්පල ඒවා එම සාම්පල පරීක්ෂණවලින් සමත්වීමෙන් පසුව මෙරටට ලුණු එවීමට අඩු කාලයකින් හැකියාව ඇත්තේ ඉන්දියාව වැනි අසල්වාසී රටකට බවත් පැවසේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved