මෙරට ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට අදාළව කැඳවන ලද ටෙන්ඩර් පත්‍රිකා අද (03) විවෘත කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ (STC) සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටී.
මෙහිදී මෙට්‍රික් ටොන් 20,000 ක් සහ 10,000 ක් බැගින් ටොන් 30,000 කොටස් දෙකකට ආනයනය කරන බවද ඔහු කියා සිටියේය.
ලුණු ආනයනය අදාළව ජාත්‍යන්තර වශයෙන් ලංසු කැඳවීම පසුගියදා සිදුකළ බවත්, ඒ අනුව ටෙන්ඩරය විවෘත කිරීම අද සිදුකරන බවත් ඔහු පැවසුවේය.
මෙහිදී අදාළ සැපයුම්කරු තෝරා ගැනීමෙන් පසුව, ආනයනය කිරීමට නියමිත ලුණු සාම්පල පරීක්ෂාවකට ලක්කරන බවද ඔහු කීවේය.
අදාළ ලුණු තොගය මෙමස 31 වැනිදාට පෙර ආනයනය කළයුතු බවද සභාපතිවරයා පැවසීය.
ලුණු මෙරටට සැපයීමට අදාළව ටෙන්ඩර්වලට ඉදිරිපත්වීමට වැඩි නැඹුරුවක් ඇත්තේ ආසන්නතම රට වන ඉන්දියාව බවත්, ඊට හේතුව දුර බැහැර රටවල සිට මෙරටට ලුණු ගෙන්වීමේදී නැව් ගාස්තු ඉහළ යාම ආදී කාරණා බලපාන බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර, අදාළ ටෙන්ඩර් කොන්දේසිවලට අනුව සාම්පල ඒවා එම සාම්පල පරීක්ෂණවලින් සමත්වීමෙන් පසුව මෙරටට ලුණු එවීමට අඩු කාලයකින් හැකියාව ඇත්තේ ඉන්දියාව වැනි අසල්වාසී රටකට බවත් පැවසේ.