Connect with us

පුවත්

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Published

on

ලෙබනනයේ පවතින යුදමය තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් වෙමින් පවතින හෙයින් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉතා සැලකිලිමත් වන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳ යම් අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්‍රී ලංකාව බලා පිටත්වීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වන ලෙසය.

ලියාපදිංචි වන අවස්ථාවේදී ප්‍රමුඛතාව ලබන අන්දම හා පිටත් කරනු ලබන්නේ කුමන කාණ්ඩ මත පදනම්වද යන්න ඔබට විස්තර කරනු ඇත.

එසේම ගුවන් ප්‍රහාර එල්ල වන අවස්ථාවලදී ඒ පිළිබඳව කරන ලද පුර්ව දැනුම්දීම් පිළිබඳ ඉතා සැලකිලිමත් වන ලෙසත් එම ප්‍රදේශවලින් වහා ඉවන් වන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැලකී සිටින ලෙසත් දැනුම් දෙයි.

යම් ශ්‍රී ලාංකිකයෙකුට අනපේක්ෂිත කරදරයක් වී නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වහාම දැනුවත් කරන ලෙසත් වැඩිදුරටත් සඳහන් කරයි.

එම නිවේදනය පහතින්,

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved