පුවත්

“ලොකු පැටීලා” අත්අඩංගුවට ගත් බව CIDයවත් තවම හරියට දන්නෙත් නෑ

Published

on

අතු­රු­ගි­රි­යේදී කැරොකේ වසන්ත ඝාත­නය මෙහෙ­යවූ බව කියන පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු වන ලන්තු­වා­හන්දි සංජීව පුෂ්ප­කු­මාර ද සිල්වා නොහොත් ලොකු පැටී බෙල­රූ­ස්හිදී එරට ආර­ක්ෂක අංශ මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව කියන තොර­තුර සම්බ­න්ධ­යෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් තහවුරු කරගෙන නැතැයි “දිනමිණ” පුවත්පත වාර්තා කර තිබේ.

“අපත් මේ ගැන දැන ගත්තේ සමාජ මාධ්‍ය තුළින්. දැන ගත්තු මෙහො­තේම අප මේ ගැන ජාත්‍ය­න්තර පොලිස් ශාඛාව මඟින් බෙල­රූ­ස්ව­ලින් විමසා තිබෙ­නවා. මෙතෙක් ඒ සම්බ­න්ධ­යෙන් තහ­වුරු කිරී­මක් අපට ලැබී නැහැ. අප බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නවා අද හෙටම තොර­තු­රක් ලැබේවි කියල.“ යැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් පොලිස් නිල­ධා­රි­යෙක් එම පුවත්පතට පවසා තිබේ.

තහ­වුරු නොවූ තොර­තුරු මඟින් දැන­ග­න්නට ඇති ආකා­ර­යට අනුව ලොකු පැටී අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔහු සමඟ කාන්තා­වක ඇතුළු තවත් කිහි­ප­දෙ­නකු සිට ඇතැයි පැවසේ.

ඒ අය පලා­ගොස් ඇති බවත් බෙල­රූස් ආර­ක්ෂක අංශ අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ ලොකු පැටී පම­ණක් බවත් එම තොර­තුරු මඟින් අනාවරණය කර තිබිණි.

 ලොකු පැටී සමඟ සිටියේ යැයි කියනු ලබන කාන්තාව මර්වින් ජනා නමැති ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රුගේ බිරිය බවද පැවසේ.

ඇයට බෙල­රූ­ස්වල නිවෙ­සක් පවා ඇති බව ආර­ක්ෂක බුද්ධි අංශ සඳ­හන් කරයි. 

පසු­ගිය කාල­යේදී මෙම කාන්තා­ව­ගේත් මර්වින් ජනා­ගේත් ඔහුගේ සහෝ­දර සහෝ­ද­රි­ය­න්ගේත් ගිණුම් පොලිස් පරී­ක්ෂා­ව­කට ද ලක් විය.

එහිදී මර්වින් ජනාගේ බේක­රි­යක් ඉදි­රි­පිට රාත්‍රී කාල­යට නිදා­ගන්නා සිඟ­න්න­කුගේ නමින් ඇති බැංකු ගිණු­මක් හරහා රුපි­යල් කෝටි 44ක මුද­ලක් හුව­මාරු වී ඇති බව ද අනා­ව­ර­ණය වී තිබිණි. 

මර්වින් ජනා නමැත්තා කුප්‍ර­කට මත්කුඩු ජාවා­ර­ම්කරු වෙලේ­සු­දාගේ ගෝල­යෙකි.

ලොකු පැටී නමැත්තා මාක­ඳුරේ මධුෂ්ගේ ගෝල­යකු වන අතර ඔහුගේ සහෝ­ද­රයා පොඩි පැටීය. 

හමුදා සේවයේ නිර­තව නීත්‍ය­නු­කූ­ලව ඉවත්ව සිටි­යකු වන ඔහු ද මේ වන විට සිටින්නේ රටින් පලා ගොසිනි. 

ලොකු පැටී අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථා­වේදී ඔහු සමඟ සිට පලා­ගිය අය අතර පොඩි පැටී ද සිට ඇති බව කියැ­වෙයි. 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ වැට­ලීම් අංශයේ ස්ථානා­ධි­පති ලෙස සේවයේ නිර­තව සිටි නියෝ­මාල් රංග­ජීව මහ­තාට පිළි­ය­න්ද­ලදී වෙඩි තබන විට වෙඩි­ක්කරු වන ආමි අසි­තව රැගෙන යතු­රු­පැ­දිය පැද­වූයේ පොඩි පැටීය.

ලොකු පැටී අත්අ­ඩං­ගු­වට ගැනීම බෙල­රූ­ස්ව­ලින් හෝ ජාත්‍ය­න්තර පොලි­සි­යෙන් තහ­වුරු කිරී­මෙන් අන­තු­රුව ඔහුව මෙර­ටට රැගෙන ඒමට අවශ්‍ය ඉදිරි පිය­වර ගන්නා බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ යැයි දිනමිණ කියා සිටී.

Trending

Exit mobile version