පුවත්

ලොරෙන්සෝ පුතා – 4 හි ධීවරයන් කඩිනමින් ලංකාවට ගෙන එන්න යයි

Published

on

ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාවේ සිටි ධීවරයින් ඉතා ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

ඔහු  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

“ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාව සම්බන්ධයෙන් මේ වනවිට ධීවර දෙපාර්තුමේන්තුව, නාවික හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කර තිබෙනවා. සීෂෙල්ස් රාජ්‍යයේ නිතීවලට යටත්ව එම කටයුතු සිදු වනවා. සීෂෙල්ස් රාජ්‍යයේ නීතිමය කටයුතු අවසන් කර ඉතා ඉක්මණින් ධීවරයින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබෙනවා,” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමටද සැලසුම් කර තිබෙන බවයි.

Trending

Exit mobile version