ලෝකයේ ජීවන වියදම් අඩුම නගර අතරට වාර්තාවක් විසින් කොළඹ ද නම් කර තිබේ.
වාර්ෂික Economist Intelligence Unit (EIU) සමීක්ෂණයට අනුව, කොළඹ 161 වැනි ස්ථානයට පත්ව ඇත.
EIU හි ලෝක ජීවන වියදම් දර්ශකයට අනුව අඩුම ජීවන වියදම් සහිත නුවර ලෙස අංක 172 පසුවෙන්නේ සිරියාවේ ඩැමස්කස් අගනුවරයි.
එම දර්ශකයට අනුව, මෙවර ලොව ඉහළම ජීවන වියදමක් ඇත්තේ ඇමෙරිකාවේ නිව් යෝක් නගරය හා සිංගප්පූරුවයි. මේ නිව් යෝක් මුල් ස්ථානයට පත්වූ පළමු අවස්ථාවයි. පසුගිය වසරේ අංක එක වූ ටෙල් අවිව් මෙවර තෙවැනි ස්ථානයට පත්ව ඇත.
සමස්තයක් වශයෙන්, ලෝකයේ විශාලතම නගරවල ජීවන වියදම මේ වසරේ 8.1% කින් ඉහළ ගොස් ඇති බව EIU සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. යුක්‍රේන යුද වාතාවරණය හා ලෝක සැපයුම් දාමයට කොවිඩ්-19න් ඇති වූ බලපෑම, මීට හේතුවූ කරුණු ලෙස හඳුනාගෙන ඇත.
(මූලාශ්‍රය : බීබීසී)