හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
ඊයේ (20) දින හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කටුගස්තොට මහයියාවේ පිහිටි නිවස පරිශ්‍රයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක වෙඩිවැදී සිටියදී පෞද්ගලික ලේකම්ගේ සිරුර සොයාගත්තේය.
පොලිස් විමර්ශණවලින් පසුව අනාවරණය වූයේ ඔහුට අයත්ව තිබූ පිස්තෝල ගිනි අවියෙන් මෙම වෙඩිතැබීම සිදු කරගෙන ඇති බවය.
50 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි මොහු වෙඩිතබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් ඔහු පසුගිය කාලසීමාවේ දී කිසියම් කළකිරීමකින් සිට ඇති බවට අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.