පුවත්

ලොහාන්ගේ බිරිඳත් රිමාන්ඩ්

Published

on

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද එළැඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඇයට කළ දැනුම්දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ අද (04) පෙනීසිටීමෙන් අනතුරුවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ බව සඳහන් වේ.

ඒ අනුව, ඇය අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

Trending

Exit mobile version