Connect with us

පුවත්

ලොහාන් සහ බිරිඳ යළිත් රිමාන්ඩ්

Published

on

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද යළිත් වරක් ප්‍රතික්ෂේප කලේය.

ඒ අනුව, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිය නොවැම්බර් 22 වනදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයාගන්නා ලදී.

ඒ අනුව, මිරිහාන පොලිසිය අදාළ රථය සම්බන්ධයේන සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවය.

එම මෝටර් රථය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොටදී, මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

එවන් පසුබිමක රත්වත්තේ මහතාගේ බිරියවන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මියද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගත් අතර, අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත් භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ මහත්මිය නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

අනතුරුව නොවැම්බර් 07වැනිදා සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ, සැකකරුවන් අද දක්වා බන්ධනාගාර ගත කරන ලෙසය.

ඒ අනුව සැකකරුවන් අද පෙරවරුවේ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරුණි

එහිදී සැකකරුවන් වෙනුවෙන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කරුණු දැක්වූ නීතීඥවරුන් කියා සිටියේ සිය සේවාදායකයින්ට එරෙහිව ගොනුකර ඇත්තේ මෝටර් රථ වානහ පනතේ වැරදි පමණක් වන බැවින් එම චෝදනාවලට ඇප ලබාදිය හැකි බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසය.

කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නුගේගොඩ මහෙස්ත්‍රාත්වරිය සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා දෙසැම්බර් 02 වනදා දක්වාද සැකකාර ශෂි ප්‍රභා රත්වත්තේ නොවැම්බර් 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කලේය.

පුවත්

RMV ලොක්කා ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අතුරුදන්වූ ව්‍යාපාරිකයාගේ සිරුර කසළ වළකින් සොයා ගනී

Published

on

By

දින කිහිපයක් තිස්සේ අතුරුදන්වී ඇතැයි වාර්තා වූ, මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රීජිත් ජයෂන් නමැති 31 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට අතුරුදන් බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී ඊයේ (03) පස්වරුවේ වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයාගේ මිතුරෙකුගේ නිවසක තිබී ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවී තිබුණි.

පසුව මිතුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කසළ වළක තිබී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ, ඉකුත් 30 වනදා රාත්‍රියේ ව්‍යාපාරිකයා, ඔහුගේ මිතුරන් 5 දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර කසළවළට දමා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

කදුරුවෙල ක්වාසි අධිකරණ විනිසුරු අත්අඩංගුවට

Published

on

By

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් කාන්තාවට වාසිදායක ලෙස තීන්දුව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාල පරිශ්‍රයේදීය.

ඒ අනුව සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved