ලෝකයේ විශාලතම සරණාගත කඳවුර සේ සැලැකෙන බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුර හටගත් ගින්නකින් දහස් ගණනකට නිවාස අහිමි වී තිබේ.
ගින්නෙන් මේ වන විට නිවාස 2,000ක් පමණ සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ඒ අනුව රොහින්ග්‍යා සරණාගතයින් 12,000කට පමණ වාසස්ථාන අහිමි වී තිබේ.
ගින්නෙන් මියගිය හෝ තුවාල ලැබු පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර පවුල් 100ක් පමණ අතුරුදන්ව ඇති බව පැවසේ.
පැය තුනක පමණ කාලයකට පසුව ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් ගින්න මැඩපවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ගින්නෙන් නිවාසවලට අමතරව මුස්ලිම් දේවස්ථාන 35ක් සහ සරණාගතයින් සඳහා වු ඉගෙනුම් මධ්‍යස්ථාන 21ක් ද විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වීඩියෝව – DW News