Connect with us

පුවත්

ලෝක අමද්‍යප දිනය අදයි

Published

on

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් අද දිනට යෙදී තිබේ.

මද්‍යසාර භාවිතය නිසා වසරකට මරණයට පත්වන සංඛ්‍යාව මිලියන 03කට ආසන්නය.

දැනට සිදු කරන පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ ලොව පුරා වළක්වා ගත හැකි මරණවලින් 10න් 08කටම හේතුවක් වන්නේ බෝ නොවන රෝග  වන අතර බෝ නොවන රෝග ඇතිවීමට ප්‍රධාන සාධක 4න් 1 ලෙස මද්‍යසාර භාවිතය බවය.

2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත මඟින් මද්‍යසාර පිළිබඳ ප්‍රචාරණයන් තහනම් කර ඇතත්, තවමත් මද්‍යසාර ප්‍රවර්ධනයන් සිදු කරමින් පැවැතීම බරපතළ තත්ත්වයකි.

මෙම ප්‍රවර්ධන ආයතනයන්ගේ මූලික අරමුණ වී ඇත්තේ මද්‍යසාර භාවිතය හේතුවෙන් අකාලයේ මියයන පාරිභෝගිකයන් වෙනුවට නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමය.

නව රජයක් බලයට පත්වී නැවුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මොහොතක රටේ මද්‍යසාර ගැටලුව අවම කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා තොරතුරු මධ්‍යස්ථානය යෝජනා කරයි.

(1) මද්‍යසාර සඳහා වූ බදු උද්ධමනය සහ ආර්ථික වර්ධනයට ගළපමින් සෑම වසරකම සුරාබදු වැඩි වන විද්‍යාත්මක සූත්‍රයක් හඳුන්වාදෙමින් එය ක්‍රියාත්මක කිරීම මෙන්ම,

(2) මද්‍යසාර සමාගම් දැනටමත් රජයට ගෙවිය යුතු නමුත් පැහැර හැර ඇති බදු අයකර ගැනීමටත් අනාගතයේ එවැනි තත්ත්වයක් ඇති නොවීමටත්, ක්‍රමවත් බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

මේ අතර ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන අද (03) දිනයේ වසා දැමිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබේ.

සබැඳි පුවත්

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved