Connect with us

පුවත්

ලෝක ඒඩ්ස් දිනය අද; ලංකාවේ තුන්දහසකට එක් අයෙක්ට ඒඩ්ස්

Published

on

ලෝක එඩ්ස් දිනය අද (01)ට යෙදී තිබේ.

මෙවර එහි තේමාව “ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු” යන්නයි.

වර්ෂ1981 වසරේදී ලොස්ඇන්ජලීස් නුවර රෝහලකින් පළමු HIV ආසාදිතයා හඳුනාගත් අතර එතැන් සිට එය ලොව බරපතල අවදානමක් ලෙස සැලකේ.

ලෝකය පුරා මිලියන 39ක් HIV වෛරසය සමඟ ජීවත් වන අතර පසුගිය වසරේ පමණක් මිලියන 1.3ක් නව ආසාදිතයන් වාර්තා වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම දැනට මිලියන 40 කට වැඩි පිරිසක් ඒඩ්ස ආශ්‍රිත රෝගවලින් මියගොස් තිබෙන බව වාර්තා වේ.

HIV ආසාදිතයන්ගෙන් 53%ක් කාන්තාවන් සහ ගැහැණු ළමයින් වන අතර ළමුන් මිලියන 1.5ක් මෙම අවදානමට ගොදුරු වී සිටීම බරපතල තත්වයකි.  

තවද වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටින් HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනා ගත් බව ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න මහතා සඳහන් කළේය.

HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බව ඔහු පැවසුවේය.

මෙරට ජනගහනයෙන් 3000කින් එක් අයෙකුට ඒඩ්ස් – මහාචාර්ය චන්න ජයසුමන

මේ අතර, මෙරට ජනගහනයෙන් 3000කින් එක් අයෙකුට ඒඩ්ස් ආසාදනය වී ඇති බවට වාර්තා වන්නේ යැයි හිටපු සෞඛ්‍ය ඇමැති, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

එච්.අයි.වී. ආසාදිතයන් 6000ක් පමණ දැනට වාර්තා වී ඇති බවත් පසුගිය වසර කිහිපය තුළදී එච්.අයි.වී. ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ ගොස් තිබෙනටා.

වෛද්‍යවරුන් 10 දෙනෙක් මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මීට සති දෙක තුනකට පෙර අපි එක්ව වෛද්‍ය පාර්ලිමේන්තු සංසදයක් නිර්මාණය කර ගත්තා. ආණ්ඩු පක්ෂයේ සිටියත් විපක්ෂයේ සිටියත් කොන්දේසි විරහිතව සෞඛ්‍ය සේවාවේ දියුණුව සඳහා අපි සහාය දෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් කිවුවා එතුමා සෞඛ්‍ය ඇමැති වෙලා තමයි ජනාධිපති වුණේ කියලා. රමේෂ් පතිරණ මහතාටත් ඒ අඩි පාරේ යන්න ශක්තිය ලැබෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පත දුර්වලයි. සුවඳ විලවුන් සම්බන්ධව, යම් වරදක් කළාට පසුව ලැබෙන දඬුවම් සම්බන්ධව අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ පනතට සංශෝධනයක් අප්‍රමාදීව ගෙනා යුතුයි. රටේ ජනතාවට අඩු මිලට ඖෂධ ලබා ගැනීම සඳහා ඔසුසැල් 50ක් ආරම්භ කරන්න කියලා සෞඛ්‍ය ඇමැතිවරයා ඉල්ලනවා. අපි ඒ කටයුතු මුලින් ආරම්භ කරලා තිබුණේ. අපේ කාලයේ අලුත් ඖෂධ 15ක් පමණ හඳුන්වා දුන්නා. අලුත් ඖෂධ වර්ග 150ක් අපිට දෙන්න පුළුවන් වුණා, සේලයින්ද ඇතුළුව. තොරතුරු තාක්ෂණ පද්ධතියේ අඩුපාඩුවක් සිදු වී ඇත්නම් කඩිනම් විමර්ශනයක් කර ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම වැදගත්. ඖෂධ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඔයාමඩුව ප්‍රදේශයේ ආරම්භ කරන කර්මාන්ත මඟ නොනවත්වා ඉදිරියට කරගෙන යන ලෙස ඇමැතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා. රුධිරය යොදාගෙන සමාගම නිෂ්පාදනය කළ ඉමියුනෝග්ලෝබින් ඖෂධ ලබාදී තිබෙන්නේ කාටද කියලා අප්‍රමාදීව සොයා ඒඩ්ස් සහ හෙපටයිටීස් සඳහා ස්ක්‍රීන් එකක් කරන්න.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved