2023 ලෝක කුසලාන රග්බි තරඟාවලිය ප්‍රංශයේ සත්කාරකත්වයෙන් අද (09) අලුයම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් ආරම්භ විය.
මේ සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් “ස්තෙද් ඩි ෆ්‍රාන්ස් “ ක්‍රීඩාංගණයට රැස්ව සිටී අතර තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයට සඳහා නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම සහ සත්කාරක ප්‍රංශය කණ්ඩායමයි එක්වුහ.
පළමු අර්ධය උණුසුම් මුහුණුවරක් ගත් අතර ලකුණු 9ට 8ක් ලෙස සත්කාරක ප්‍රංශ කණ්ඩායම එහි පෙරමුණ ගෙන ඇත.
දෙවන අර්ධයේ සත්කාරක ප්‍රංශ කණ්ඩායම ලකුණු 20ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 5ක් පමණි.
තරඟය පුරා ප්‍රංශ කණ්ඩායම උත්සහක දිනුම් 2ක්, එක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 5ක් සාර්ථක කරගත් අතර නවසීලන්තය සාර්ථක කර ගත්තේ උත්සහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් පමණි.
ඒ අනුව සත්කාරක ප්‍රංශය ලකුණු 27ට 13ක් ලෙස තරගය ජය ගෙන ඇත.
මෙම තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි කරගෙන සිටින TV1 නාලිකාව ඔස්සේ සියලු තරඟ නැරඹීය හැකි අතර තරග පැවැත්විම, මෙරට වේලාවෙන් සවස සහ රාත්‍රියේ බැවින්, ඒවා පටිගත කර නැවත විකාශය කිරිමක් සිදු වේ.