Connect with us

පුවත්

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි

Published

on

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදට (15) යෙදී ඇති අතර මෙවර එහි තේමාව මතු පරපුර බල ගැන්වීම යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන හෝ ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනඟනු ලබන පාලන තන්ත්‍රයයි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡා කිරිමට අවකාශ සැලසෙයි. 

එසේම ලොව පුරා ඇතැම් ආණ්ඩු සහ එහි බලය හොබවන්නන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට බාධා පමුණුවනු අවස්ථාද මේ වන විට දැකගත හැකිය.

තවද ශ්‍රී ලංකාව 1931 වර්ෂයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අංගයක් වන ඡන්ද ක්‍රමයෙන් සිය පාලකයින් තෝරාපත් කර ගන්නා රටකි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙවුණු කාලය තුළ සුවිශේෂි වැඩ ප්‍රමාණයක් ඉටු කළ බවද අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය – විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved