පුවත්

ලෝක පියවරුන්ගේ දිනය අදයි

Published

on

ලොව පුරා සිටින පියවරුන් පවුලට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් තම දරුවන් විසින් සිහිපත් කරනු ලබන පියවරුන්ගේ දිනය අදයි.

සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනය ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරේ.

මෙය 1910 වසරේදී පමණ ඇමරිකාවෙන් ආරම්භ විය.

1916 පමණ වනවිට ඇමරිකාවේ ජනාධිපති වූ වුඩ්රෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකමින් කටයුතු කර තිබේ.

ලොව ඇතැම් රටවල් නොවැම්බර් 19 වැනිදා ලෝක පියවරුන්ගේ දිනය සමරන අතර, ඇතැම් රටවල් තමන් විසින් තෝරා ගත් විවිධ දිනයන්හිදී එම දිනය සමරයි.

Trending

Exit mobile version