පුවත්

ල‍ෝක බැංකුවේ ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ අධ්‍යක්ෂවරයා ජනපති හමුවෙයි

Published

on

ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා අලුතින් පත්ව පැමිණි ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයා ජනපති හමුවෙයි 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා අලුතින් පත්ව පැමිණි ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් (David Sislen) මහතා අතර හමුවක් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 

සිස්ලෙන් මහතාට පෙර මෙරට ලෝක බැංකු නේවාසික අධ්‍යක්ෂවරයා ලෙස ෆරිස් හදාද්-සර්වොස් (Faris Hadad-Zervos) මහතා කටයුතු කළේය. 

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser), ලෝක බැංකුවේ දකුණු ආසියාව, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා කළමණාකාර ශියෝ කන්දා (Chiyo Kanda) සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Trending

Exit mobile version