පුවත්

ලෝක විවාහක රූ රැජින තරගයට ලංකාවෙන් චාමිකා

Published

on

ඉන්දියාවේ නවදිල්ලිහි රෝහිණී නගරයේ පැවැත්වෙන ‘‘එක්සත් ලෝක විවාහක රූ රැජින-2023’’ (Mrs unity world-2023) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව විවාහක රූ රැජිනක වන චාමිකා විතානවසම් මහත්මිය හිමිකරගෙන ඇත.

මෙහි අවසන් තරගය 6 වැනිදා රෝහිණී නගරයේ ක්‍රවුන් ප්ලාසාහිදී පැවැත්වේ. 

තරාවලිය සඳහා චාමිකා පෙරේදා (02) ඉන්දියාව බලා පිටත්ව ගියාය. 

මෙහිදී ඇයගේ ජාතික අධ්‍යක්ෂ ලෙස ඉන්දීය ජාතික අමිත් කුමාර් මහතා කටයුතු කරයි.

චාමිකා මීට පෙර මියන්මාරයේ පැවති ‘‘ජාත්‍යන්තර විවාහක රූ රැජින’’තරගාවලිය නියෝජනය කළ අතර එහිදී බොහෝ දෙනාගේ ප්‍රශංසාවට හා ගෞරවයට ලක්විණි.

මෙවර ‘‘එක්සත් ලෝක විවාහක රූ රැජින ’’තරගාවලිය සඳහා රටවල් රැසක විවාහක රූ රැජිනියෝ’’ විශාල සංඛ්‍යාවක් තරග වදිති.

Trending

Exit mobile version