පුවත්

ලෝක සංචාරක දිනය අදයි

Published

on

ලෝක සංචාරක දිනය අදට(27) යෙදී අතර මෙවර එහි තේමාව සංචාරක කර්මාන්තය හා තිරසාර ආයෝජනය යන්නයි.

ශ්‍රී ලංකාව තුළ පවතින ස්වභාව සෞන්දර්ය, සංස්කෘතිය හා අතීත පෞඪත්වය දැක ගැනීමට ලොව රටවල් රැසකින් සංචාරකයින් මෙරටට පැමිණෙන අතර කොරෝනා වසංගතයත් සමඟ මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටෙන්නට විය.

නමුත් මේ වසර මුල සිට යළිත් මෙරට සංචාරක කර්මාන්තයේ ක්‍රමික වර්ධනයක් දැකිය හැකිය.

ඊයේ (26) දිනයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා  ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන පරිදී, මැදපෙරදිග රටවල්වලින් මෙන්ම ස්පාඤ්ඤය,නෙදර්ලන්තය, බෙලරූස්, ඊශ්‍රායලය ආදී රටවල් රැසකින් මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවය.

Trending

Exit mobile version